පුංචි සුර කුමාරයා... ඒක මහ නපුරු හීනයක්. ජීවිතේ හිස් කරපු මහා වෙන්වීමේ දුකක්. පුංචි කුමාරයා... අපි හැමෝටම ජීවිතය දුන්නා. අපි හැමෝම හිනාවෙලා හිටපු කාලයක්. එයා මුලින්ම ගෙදරට ආපු දවස මටත් රටක් රාජ්‍යයක් ලැබුණ දවසක්. ඒ ඇස් දෙක මම දැකපු ලස්සනම ඇස් දෙක. එයාට තිබුනෙ අපි කාටවත් නොතිබුන රත්තරං පාටක්. එයාගේ සුවද තාම දැනෙනවා. අවුරුද්දත් තිස්සේ එයා අපේ ජීවිත ලස්සනට පාට කලා. දවසින් දවස ටික ටික ලොකුවෙන කොට එයාව තවත් ලස්සන වුනා. ඒ දවස් ටික ගෙවිලා ගියේ හැමෝගෙම ඇඟට නොදැනි.එතකොට මම හිටියේ ඉස්කෝලේ හය වසරේ. මට ඹ්න වුනේ ඉස්කෝලේ යන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න. එතකොට මට පුළුවන් හැමතිස්සෙම එයාව ඉඹින්න, තලතෙල් ගාලා නහය,කන්,අත පය අතගාන්න , ඊට පස්සෙ නාවලා සබන් ගාන්න අම්මට උදවු කරන්න. පිහදාලා ඹ්ඩිකොලොන් දාලා පවුඩර් මල ඇගේ තවරන කොට කිතිකැවිලා හිනාවෙනහැටි තාම මතකයි.ඊට පස්සේ ලස්සන ඇදුමක් අන්දවලා අම්මා කිරි දෙනවා. ඒත් එක්කම නින්ද යන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ.සමහර වෙලාවට නිදිමත වෙලා අඩක කොට අම්මා මගේ කකුල් දෙක උඩින් කොට්ටයක් තියලා එයාව කොට්ටෙ උඩින් තියෙනවා.ඊට පස්සෙ එයාට නින්ද යනකන් මම කකුල් දෙක පද්දනවා. නින්ද යනකන්ම එයා දිගටම බලා ඉන්නෙ මගෙ ඇස් දෙක දිහා. ඒ ඇස් වල තිබුන බැදීම ආත්ම ගානක පුරුද්දක් විදිහට මට දැනුනෙ.
අපි හැමෝටම අවුරුද්දක් තිස්සෙ ජීවිතේ දීපු එයා දවසක් ගෙදර ආවෙ මුඵ ගමම අඬවගෙන.පුංචි අඩි තුනක පෙට්ටියක. පුංචි ඇගිලි ටික එකතු කරගෙන පපුව උඩින් තියාගෙන. පුංචි මහත්තයෙක් වගේ ඇඳගෙන. පුංචි බෝ එකකුත් දාලා. කවුරු මොනවා කිවුවත් මගෙ හිතේ තිබුනෙ ලොකු විශ්වාසයක්. තව පොඩ්ඩෙන් එයාගේ ලස්සන ඇස් දෙක ඇරලා හිනාවෙයි. මේ සුර කුමාරයව බලන්න දහස් ගනන් මිනිස්සු ආවා. අම්මටත් මොකක්ද වෙලා. හැමතිස්සෙම සිහිය නැති වෙනව.කිරිත් එරෙනවලු. හැමදේටම වඩා ඉවසන්න බැරි සිංහයෙක් වගේ මහා පෞර්ෂයක් තියෙන අපේ තාත්තා පොඩි ළමයෙක් වගේ අඬන එක. කවදාවත් තාත්ත අඬනවා දැකල නැති මම මේක කොහොම දරාගන්නද?
මගෙ චූටි මල්ලි තව ටිකකින් නැගිටියි. එතකොට මේ ඔක්කොම හරි...
අපේ පුංචි සුර කුමාරය නිදාගෙන හිටපු ඒ පුංචි පෙට්ටිය වහන්න මම පොඩ්ඩක් වත් ඉඩ දුන්නේ නෑ. එයා නැගිට්ටහම කොහොමද ඹ්ක ඇර ගන්නෙ?
මේ පුංචි කුමාරය එදා නැගිට්ටනම් අද එයා, එදා මම හිටපු වයසෙ පුංචි ඉලන්දාරි කොල්ලෙක්.එහෙනන්මේ වෙලාවේ ඉස්කෝලෙ ගිහින් යාලුවොත් එක්ක රන්ඩු කරගන්නව ඇති අයියගෙ හයිය අරගෙන.
තාමත් එයා හිටපු කාමරෙන් එන්නෙ එයාගෙ සුවඳ... දිව්‍යලෝකෙ ඉඳලා ඇවිත් අපිව සතුටු කරපු හොරු අරන් ගිය ඒ පුංචි සුර කුමාරයව මේ ආත්මෙදිම ආයිත් හුරතල් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව තාමත් යටි හිතේ තියෙතවා.....

2 comments:
කියවන් යද්දී මට මේක වුනා වගේ දැනුනා...මට දුකයි .ඇහැට කදුළු ආවා නවතින්නේ නැතුව.කියවලා ඉවර වෙලා ටික වෙලාවක් යද්දී නිකන් හීනෙකින් ඇහැරුනා වගේ
(අපේ පුංචි සුර කුමාරයා නිදාගෙන හිටපු ඒ පුංචි පෙට්ටිය වහන්න මම පොඩ්ඩක් වත් ඉඩ දුන්නේ නෑ..........
එයා නැගිට්ටහම කොහොමද ඹ්ක ඇර ගන්නේ......)
......... හ්ම්..........
දිග සුසුමක් පිටවුණා.......
...සහෝදරයෙක් ගේ වෙන්වීම කොහොම දරා ගන්නද
දවසින් දවස ගෙවෙද්දී හිතෙන්නේ අනේ එයා හිටියා නම් දැන් වයස මෙච්චරයි නේද කියලා.........
ඒත් මොනවා කරන්න ගෙනාපු ආයුෂ එච්චරනම්........
.මතු භවයක එවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!
Post a Comment